2025 අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත් වුණා.
ඒ කාන්තා සහ ශූරතාව හා පිරිමි අනුශූරතාව හිමි කර ගනිමින්.
මෙම මලල ක්‍රීඩා තරගාවලිය රජරට විශ්ව විද්‍යාලයේ සත්කාරකත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
මෙවර කාන්තා අනුශූරතාව කැළණිය විශ්ව විද්‍යාලයට හිමි වූ අතර තෙවැනි ස්ථානය හිමි වූයේ සබරගමුව විශ්ව විද්‍යාලයටයි.
මලල ක්‍රීඩා පිරිමි ශූරතාව මෙවර දිනා ගත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයයි.
එහි අනුශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලටත් තෙවැනි ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයටත් හිමි වුණා.
ඒ අනුව මලල ක්‍රීඩා සමස්ත අනුශූරතාව හිමි කර ගැනීමට සබරගමුව විශ්ව විද්‍යාලය සමත් වූ අතර එහි තෙවැනි ස්ථානය හිමි කර ගත්තේ කැළණිය විශ්ව විද්‍යාලයයි.