නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ඉදිරි පැය 24ට දිවයින ටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ
සුළං ඊසාන දිශාවෙන් හමා එයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
කළුතර සිට කොළම සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විටින් විට පැයට කිලෝමීටර් 45ක් 50ක් දක්වා වැඩි ිය හැක.
මුහුදේ ස්වභාවය
ළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වි හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.













