අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 වර්ෂය සදහා වන පූර්ව අයවැය සාකච්ඡාව පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අහරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
එහිදී සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු වන පරිදි මෙරට පාසල් පද්ධතිය විධිමත් කිරීම සහ විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කළ යුතු ආයෝජන නිසි පරිදි සිදු කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.
විදේශ ආධාර යටතේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුනා.
සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය, ද්වීතියික අධ්‍යාපන ආංශික සංවර්ධන ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘතිවල ප්‍රගතිය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.
දීර්ඝ කාලයක් පුරා පාසල්වල ක්‍රියාත්මක වන ව්‍යාපෘති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම 2026 ජනවාරි 05 වන දින නව පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පෙළපොත් සහ නිලඇදුම් ලබා දීමට සැලසුම් කරමින් තිබෙන බවද නිලධාරින් මෙහිදී පෙනුවා දී තිබෙනවා
උණුසුම් පුවත්
- на деньги как выбрать надёжную площадку для игры онлайн.471
- Book of Dead Slot berblick ber den berhmten gyptischen Online-Slot.224
- Top crypto casinos detailed comparison and rating of leading crypto casino brands.295
- Book of Dead Casino Slot wo man den beliebten Slot sicher online findet.109
- Best crypto casinos the ultimate ranking of crypto-friendly gambling platforms.53
- Top crypto casinos detailed comparison and rating of leading crypto casino brands.191
- Book of Dead Machine Sous Conseils pour optimiser vos chances de gains.30
- Double игра в онлайн-казино Blaze особенности интерфейса и скорость раундов.123










