ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ ගාසා තීරය තුල ඇති මානුශීය කලාපයක් වෙතයි.
මෙම මානුශීය කලාපය ඊශ්‍රායලය විසින්ම නම් කර තිබෙන කලාපයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මිය ගිය පිරිස අතර ළමුන් 15 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
මේ අතර රුසියාව, යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයට ද හානි සිදු ව තිබෙනවා.
එසේම, ඒ අසල පිහිටි බි්‍රතාන්‍ය රජයේ ගොඩනැගිල්ලට ද එමඟින් හානි සිදුව ඇති අතර යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලේන් ප්‍රහාරය හෙලා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඩ්‍රෝන යානා 598ක්, බැලැස්ටික් මිසයිල 11ක් සහ කෲස් මිසයිල 20ක් මේ සදහා උපයෝගි කර ගැණුනා.
ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.
රුසියාව විසින් පසුගිය මාසයෙන් පසු යුක්‍රේනයේ, කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බව සඳහන්.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













