Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව

    විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව

    2022-11-23කියවීමට මිනිත්තු 3ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව ධීවර කර්මාන්තය යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති ලෝක ධීවර දින සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    නව ධීවර රක්ෂණ ක්‍රමය, නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය හා දියවර කැකුළු ළමා ඉතුරුම් ක්‍රමය හදුන්වාදීම මෙහිදී සිදු වූ අතර රට පුරා සිටින සියලු ධිවරයින් මෙම වැඩසටහනට එක්කරගැනිමට නියමිතයි.

    ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා …….

    ” …. ධීවර ක්ෂේත්‍රය අපේ ජීවන ක්ෂේත්‍රය සමඟ බැදුණු සුවිශේෂී ක්ෂේත්‍රයක්. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටත්, නැගෙනහිර සිට බටහිරටත් සෑම ධීවර ගම්මානයක් ම මෙම කර්මාන්තයට එක්වෙනවා. ඒ වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශය සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. l

    පසුගිය කාලයේ ඇතිවුණු අභියෝග හරහා ආර්ථික පසුබැස්මක් සිදුවුණා. ඒ අවස්ථාවේදී අඩුපාඩුකම් රාශියක් මැද, අඩුපාඩු ඉදිරිපත් කරමින් නොසිට ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට ධීවර කර්මාන්තය විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ සඳහා මඟ පෙන්වීම කළේ ඩග්ලස් දේවානන්දා මැතිතුමායි.

    සංචාරක කර්මාන්තයට වගේම ධීවර කර්මාන්තයටත් ප්‍රචලිත බේරුවල රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක්. බේරුවල සංචාරක කර්මාන්තයේ දියුණුවට ධීවර කර්මාන්තයෙන් ලැබෙන්නේ රුකුලක් හා ආකර්ෂණයක්. සමහර සංචාරකයින්ට අපේ ධීවරයන්ගේ හැකියාවන් සහ විවිධත්වය විශාල ආකර්ෂණයක් වී තිබෙනවා. ධීවර ක්ෂේත්‍රය නංවන්න ජපන් රජයේ සහයෝගය සහ ආධාරය අඛණ්ඩව අපිට හිමිවුණා. ජපන් ආධාර යටතේ මෙරට වරායන් ඉදිකර තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජපන් රජයට ස්තුතිවන්ත වෙනවා.

    ධිවර කර්මාන්තයේ යෙදෙන ජනතාවට තමන්ගේ දරුමල්ලන්ගේ ජිවිත සම්බන්ධයෙන්, තමන්ගේ ජිවිතය සම්බන්ධයෙන් ඇති අවිශ්වාසය වෙනුවට ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා වූ නව වැඩපිළීවෙළක් ඉදිරිපත් කර ධීවර කර්මාන්තය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීම විශේෂ කාරණයක්. රක්ෂණයත් එලෙසම ආරක්ෂා කරල දෙන්න පියවර ගෙන තිබිම තවත් විශේෂයක්.

    මුල්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් ළදරුවන් සඳහා නව ඉතුරුම් යෝජනා ක්‍රමයක් ඇති කර තිබෙනවා. ළදරු වයස පහුවන විට එහි ප්‍රතිලාභ ජීවිතයට පරිවර්තනය කරගත හැකි ලෙස එය සැකසීම නව ප්‍රවේශයක්. වැඩිහිටියන්ටත් තමන්ගේ ජීවන රටාවේ මුහුණ දෙන ගැටලු, අමාරුකම්, අභියෝග හරහා ගමන් කරන්න ලබා දෙන විශේෂ අවස්ථාවක් හැටියට මේ බැංකු ගිණුමත්, රක්ෂණයත් විශ්‍රාම වැටුපත් අලුත් පරිච්ඡේදයක් බවට පත්වෙයි. මෙය රටේ ජනතාවගේ ජයග්‍රහණයක්. එය ධීවර ජනතාවගේ දියුණුවට පරිවර්තනය කර ගන්නා බව විශ්වාසයි…”

    ආශ්‍රීත පුවත්:  පවුල් ලක්ෂ 20කට මාස දෙකකට රජයෙන් සහල් කිලෝ 20ක්

    ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා …

    ” …සියලු දෙනා ඒකතු වෙලා ඒකාබද්ධ ප්‍රවේශයක් ඒක්ක රට දියුණු කරන්න අධිෂ්ඨාන කරගත්තොත් රට සංවර්ධිත රටක් කරන්න පුලුවන්. ඒ සදහායි අපි කටයුතු කරන්නේ.

    වැවට, වෙරළට, ධීවර ගම්මානවලට, ධීවර ජනතාවගේ සමිපයට ගිහින් ගැටළු විසදන ක්‍රමවේදයක් අපි සකස් කළා. ධීවර ජනතාව පවුල්වල අය තමන්ගේ ආර්ථක තත්ත්වය හැමදාමත් මේ විදියට තියෙයි ද කියන කාරණය ගැන සැපලකිලිමත් වෙන්නේ නැහැ. ඒ නිසා ධීවරයින්ට රක්ෂණයක්, විශ්‍රාම වැටුපක් හා ළමයින්ට ඉතිරුම් ක්‍රමයක් අපි සකස් කරනවා. දැල් ආම්පන්න දුන්නාට ධීවරයින්ගේ ප්‍රශන අවසන් වෙන්නේ නැහැ. අමාත්‍යංශයක් ලෙස අපි ඒ අය වෙනුවෙන් විධිමත් වැඩසටහනක් නිර්මාණය කර දිය යුතුයි. එහිදි ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමටත් අවශ්‍යයි……”

    මෙම අවස්ථාවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න, මර්ජාන් ෆලීල්, ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ෂෙයියා නිනෝමියා (seiya Ninomiya), බේරුවල, පානදුර ප්‍රාදේශීය මහජන නියොජිතයින්, දිස්ත්‍රික් ලේකම් ජානක ප්‍රසන්න ගිනිගේ, බේරුවල ප්‍රාදේශිය ලේකම් ඇතුළු පිරිසක් සහභාගි වුවා.

    dinesh Gunawardhana fishing insuarance PM
    පෙර පුව​තසාමාන්‍ය පෙළ ප්‍රතිපල 30 වනදාට පෙර
    ඊළඟ පුව​ත සිරිධම්ම හිමි නැවතත් රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group