ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කළ මාවනැල්ල NS Lanka පුහුණු ආයතනය තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
කාර්යාංශය විසින් විදේශ රැකියා පුහුණුව බාහිර ආයතන මගින් සිදුකර ගැනීම සඳහා සුදුසු පුහුණු ආයතන වෙත අනුමැතිය ලබාදෙන අතර ඒ සඳහා තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVC) අනුමැතිය ලබාගත යුතුවිය.
ඒ අනුව ඉහත ආයතනය මහනුවර ප්‍රදේශයේ ආරම්භ කර තිබෙන අතර එමගින් ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා මෙහෙයවන බවට සහතික වී තිබෙනවා.
එහෙත් ඔවුන් අදාළ කොන්දේසි කඩකරමින් ව්‍යාජ සහතික සකසා පුද්ගලයින්ට අලෙවිකර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
මේ අතර, මෙම වසරේ පෙබරවාරි 05 දින සිට ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේද පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති නමුත් මාවනැල්ල ශාඛාවට තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVC) අනුමැතිය ලබා ගෙන නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කර පුහුණු ලාභීන් සඳහා ලබාදෙන බවට තොරතුරු අනාවරණය විය.
මේ පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් අනතුරුව වහාම මේ පිළිබඳව විගණනය කරන ලෙස කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් අභ්‍යන්තර විගණන අංශයට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස NS Lanka පුහුණු ආයතනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු කාර්යාංශයේ අභ්‍යන්තර විගණන අංශය විසින් මෙහෙයවමින් පවතිනවා.













