ඉන්දියාව සභාපතිත්වය දරණ ජි 20 සමුළුවේ සංවර්ධන අමාත්‍යවරුන්ගේ රැස්වීම මේදිනවල පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාවේ වරණාසි හිදීයි. ඒ සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වරණාසි වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය ඉරිදා ආරම්භ වූ සමුළුව අදින් අවසන් වනු ඇති.එම රැස්වීමට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රංශ, බංග්ලාදේශ, සහ බ්‍රිතාන්‍යයේ නියෝජිතයින් පිරිසක් ද හමුවී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා , බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ රාජ්‍ය සංවර්ධන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කළ බවයි.
එහිදී රටවල් අතර පවතින සහයෝගිතා සහ සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
- ජාතික නිවාස වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
- වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
- කටුනායක ගුවන් තොටුපලේ කාර්්යක්ෂමතාව ඉහළ නැංවීමට අද සිට නව වැඩපිළිවෙලක්
- ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රභලයෙකු ජීවිතක්ෂයට
- බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
- මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ගුවන් අනතුරකින් මරුට
- මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට













