ඉන්දියාව සභාපතිත්වය දරණ ජි 20 සමුළුවේ සංවර්ධන අමාත්‍යවරුන්ගේ රැස්වීම මේදිනවල පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාවේ වරණාසි හිදීයි. ඒ සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වරණාසි වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය ඉරිදා ආරම්භ වූ සමුළුව අදින් අවසන් වනු ඇති.එම රැස්වීමට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රංශ, බංග්ලාදේශ, සහ බ්‍රිතාන්‍යයේ නියෝජිතයින් පිරිසක් ද හමුවී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා , බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ රාජ්‍ය සංවර්ධන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කළ බවයි.
එහිදී රටවල් අතර පවතින සහයෝගිතා සහ සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට













