වැලිගෙපොල නගරයේ පිහිටි හාඩ්වෙයාර් වෙළෙඳ සැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන සිදු කරන බවයි.
වැලගෙපොල පොලිසිය, බලංගොඩ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවද පොලිසිය කියා සිටියා.
ගින්න හේතුවෙන් වෙළෙඳ සැලේ දේපළවලට හානි සිදුව ඇති අතර තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි පොලිසිය පවසන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැලිගෙපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










