පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු ලෙවි කළ වෙළෙඳ සැල් දෙකකට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කර තිබෙනවා.
මෙලෙස දඩ පනවා ඇත්තේ ඇඹිලිපිටිය පල්ලෙගම ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැල් දෙකකටයි.
පාරිභෝගික අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව එම වෙළෙඳ සැල් වටලා එහි හිමිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
අදාළ වෙළෙඳ සැල් හිමිකරුවන් දෙදෙනා කළ වරද පිළිගැනීමෙන් අනතුරුව වෙළෙඳ සැල් හිමියන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.













