2020 වසරේදි කිලිනොච්චියේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය මාරාන්තික ගව වසූරිය යළිත් වරක් එම පළාත්වල පැතිර යාමේ අවදානමක් ඇති බව පශු වෛද්‍ය කාර්යාලය පවසනවා.මෙම රෝගයෙන් දින දෙකක් තුළදී ගවයන් 67 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම රෝගී තත්වයෙන් වැඩිම ගවයින් සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පුනරීන්, කරච්චි, උරුතිරුපුම් සහ නිවීල් යන ප්රදේශවලයි.
වයසින් අඩු ගවයින් මෙම මාරාන්තික රෝගයට ගොදුරු වී ඇති අතර මිය ගිය සතුන්ගේ සිරුරුවල විශාල ගෙඩි හට ගෙන පසුව අධික උණ වැළඳීමෙන් මරණය සිදුවන බවටයි එම ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන් පවසන්නේ.