වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය පවසනවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් තෝරාගත් වකුගඩු රෝගීන් 47,244ක් මේ වන විටත් එම දීමනාව ලබා සිටින බවද එම අමාත්‍යංශය සදහන් කළා.
එමෙන්ම වකුගඩු රෝගී දීමනාව අතිහිටුවා ඇතැයි කෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ඔවුන් සදහන් කළේ.