ලෝක රූ රැජින අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.
72 වන ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ දියණිකගේ අගය තමා හොඳින් හඳුනන බවත් රටේ මුල් පුරවැසියෙකු ලෙසින් රටේම දියණිවරුන් වෙනුවෙන් හැකි උපරිමයෙන්ම කටයුතු කර ඇති බව තමා විශ්වාස කරන බවයි.
එසේම ලෝකයම පුදුමට පත් කළ ලෝක උරුමයක් ලෙස සැලකෙන අනුරාධපුරයෙන් ලොවක් ඉදිරියට යමින් මුළු රටක් ආඩම්බරයට පත් කළ අනුදි දියණියට තමාත් තම බිරිඳ ශිරින්තිත් සුබ පැතුම් එක් එක් කරන බවද හිටපු ජනාධිපතිවරයා තැබූ සටහනේ දැක්වෙනවා.
අදාළ සටහන පහතින් දැක්වේ.