අමෙරිකාවේ ලුසියානාහි පිහිටි ලිහිසි තෙල් නිෂ්පාදන කම්හල සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඒ අවට ජනතාව වහා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ කම්හලෙන් පිටවන විෂ දුමාරය හේතුවෙන් අසල්වැසි ජනතාවට ශ්වසන ආබාධ මතුවන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි.
ස්මිටීස් සප්ලයි නමැති මෙය ලිහිසි තෙල්, වාහන සඳහා භාවිත කරන තෙල් වර්ග නිෂ්පාදන ආයතනයක්.