Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
    • එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
    • බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
    • වැලිගම බලය මාලිමාව අල්ලයි
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලයිට් කැපුවම ටෝච් එළියෙන් පාඩම් කරලා ශිෂ්‍යත්වයෙන් ලකුණු 195ක් අරන් කප් ගැසූ සස්විදු

    ලයිට් කැපුවම ටෝච් එළියෙන් පාඩම් කරලා ශිෂ්‍යත්වයෙන් ලකුණු 195ක් අරන් කප් ගැසූ සස්විදු

    තිසර සමල් - අනුරාධපුර
    2023-01-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුව සමත්ව තිබෙනවා.

    එප්පාවල, ඇඳගල, මීහිඳුපුර පදිංචි ඩී.එම්. සස්විදු පූජාන දිසානායක සිසුවා තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙලෙස කියා සිටියේ,

    ඩී.එම්. සස්විදු පූජාන දිසානායක සිසුවා
    ඩී.එම්. සස්විදු පූජාන දිසානායක සිසුවා

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට මම මුහුණදීලා ලකුණු 195 ක් ලබා ගත්තා,

    මම එදිනෙදා පාසල් වැඩ කටයුතු එදිනෙදාම කළා, 

    ගොඩක් පාඩම් කලෙත් නෑ,.. සාමාන්‍යය විදිහට පාඩම් කලේ, ක්‍රිඩාත් කළා.

    විදුලිය කපපු වෙලාවල් වලට මම ටෝච් එකෙන් තමයි පාඩම් කලේ, 

    මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරන්න,

    මට මගේ අම්මා,තාත්තා, ලොකු තාත්තා මට ගොඩක් උපකාර කළා,

    මට 1 වසරේ සිට 05 වසර දක්වා උගන්වපු ගුරුවරුන් මට මේ ලකුණු ප්‍රමාණය ගන්න උදව් කළා.

    සස්විඳු පූජාන පුතුගේ පන්ති භාර ගුරුභවතා වන දමිත් සඳරුවන් මහතා මෙලෙස අදහස් දැක්වූවා.

    දමිත් සඳරුවන් මහතා
    දමිත් සඳරුවන් මහතා

    අපේ පාසලට කීර්තියක් ලබා දුන්නා සසිදු  පුතා ලකුණු 195 ක් අරගෙන දක්ෂතා දක්වලා තියෙනවා.

    ඒක වචන වලින් කියන්න බැරි තරම් සතුටක්.

    මේ දරුවා හැමදාම පාසල් ආවා, ගුරුවරුන්ට ගරුකරමින්, ඉතා පිළිවෙලට වැඩ කළා. පූජානගේ දෙමාපියන් ඊට මහත් සවියක් වුණා.

    විභාගය ගැන පීඩනයකින් තොරව ක්‍රීඩාව හා අධ්‍යාපන කටයුතු පිළිවෙලට සිදු කළ දරුවෙක් මේ දරුවා.

    ප්‍රායෝගික දේ සමඟ මුසු කර ඉගෙන ගන්නවා නම් ශිෂ්‍යත්වය ඉතා පහසුයි.එදිනෙදා වැඩ එදිනෙදා සිදු කිරීම මේ දරුවාගෙන් මම දැක්කා.‍‍

    ශිෂ්‍යත්වය කියන්නේ එක කඩඉමක්, හැමෝටම ඒ කඩඉම පසු කරන්න බෑ, ඒක බැරි අය අදක්ෂයෝ නෙමෙයි.

    ඔවුනුත් දක්ෂයෝ… ඔවුන් අපි නොදකින බොහෝ විශිෂ්ඨ තැන නිර්මාණය කරනවා.

    ලක්ෂ 04 ක් විභාගයට මුහුණ දෙන කොට 15,000 ක් පමණයි සමතුන් වෙන්නේ,

    සමත් නොවන අයට විවිධ කුසලතා තියෙනවා. ඒ කුසලතා හදුනාගෙන ඒවා සංවර්ධනය කරමින් අනාගතයේ විශිෂ්ඨයින් නිර්මාණය කළ යුතුයි.

    මේ විභාගයට මුහුණ දුන් අසීරුම කණ්ඩායම මේ ළමයි. අවුරුදු 02 ක් කොරෝනා ප්‍රශ්නයට මුහුණ දුන්නා, රටේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඉන්ධන අර්බුදය නිසා පාසල් වැහුවා,

    ඒ කාළයේ දෙමාපියෝ විශාල කැපකිරීම් කළා හැම දෙමාපියෙක්ම වගේ, ගුරුවරුන් වගේම දෙමාපියොත් විශාල කැපකිරීම් කළා. මේ ජයග්‍රහණ සඳහා දරුවෝ, දෙමාපියෝ හා ගුරුවරුන් එක්ව කළ කැපකිරීම් වල ප්‍රතිපලය විදිහටයි මම දකින්නේ.

    පෙර පුව​තත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක්
    ඊළඟ පුව​ත තෙල් සංස්ථාව ගැන අවධානය යොමු කරන්නැයි දන්වමින් මානව හිමිකම් කොමිසමට ලිපියක්

    සබැ​ඳි පුවත්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්

    ඇල්ල පුංචි සිරිපාදෙන් වැටුණු විදෙස් ජාතික දරුවෙක් බේරා ගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group