උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු පාසැල් දරුවන්ගේ සියලු දත්ත ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිතව ඇති බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ලබන වසරේ සිට මෙය නිර්මාණය කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ලබන වසරේ සිට පළමු සහ හය ශ්‍රේණිවලට ඇතුළත්වන දරුවන් මූලික කර ගනිමින් මෙය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.