අද (18) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 291.25ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 299.25ක් ලෙසයි.
මහජන බැංකුව වාර්තා කරන පරිදි ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 290.27 සිට රු. 290.02 දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම එහි විකුණුම් අනුපාතිකය ද රු. 300.68 සිට රු. 300.43 දක්වා පහත වැටී තිබෙනවා.