පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු සහ කුඩා දැරියක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම අනතුර 12 වනදා පස්වරු 1.00ට පමණ සිදුව ඇති බවයි. අනතුරින් මරණයට පත්ව ඇත්තේ කරමඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන 35 හැවිරිදි විවාහක තක්ෂිලා රත්නායක නම් එක් දරු මවකි.
නුවරඑළිය සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති පුද්ගලික බස් රථයක් අධික වේගයෙන් පැමිණ පසෙක නවතා තිබූ ත්‍රීරෝද රථයකට ගැටී, පසුව නිවසකට කඩා වැදී තිබුණා. එම අවස්ථාවේදී මියගිය කාන්තාවගේ වෙළඳසැල අසල සිටි ඇයගේ සය හැවිරිදි දියණියද තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා .
අනතුරට ලක් වූ ත්‍රීරෝද රථයේ රියදුරාද බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ත්‍රීරෝද රථයටද දැඩි හානි සිදුවී ඇත. අනතුරට හේතුවූ බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.













