Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
    • එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
    • රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව කල්මුණේ නගරයේ දී විවෘත කෙරේ

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව කල්මුණේ නගරයේ දී විවෘත කෙරේ

    2026-01-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල කල්මුණේ  ශාඛාව දෙසැම්බර් මස 30 දින ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන නව රාජ්‍ය ඔසුසල් ශාඛාව මෙය වන අතර අංක 302, ප්‍රධාන පාර, කල්මුණේ යන ස්ථානයේ මෙම ඔසුසල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නවතම ඔසුසල ශාඛාව විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, දෙසැම්බර් 30 දින පස්වරු 2.00 ට යෙදෙන සුබ මොහොතින් නව ශාඛාව විවෘත කෙරේ.

    මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සඳහා සහ  රණවිරු විරුසර කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

    නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේ දී අවස්ථා හතරක දී ම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු ඖෂධ වෙළෙපොළට යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් ඖෂධ ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින්  1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 54 කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට සැපයීම සිදුකරයි.

    මෙම අවස්ථාවට කල්මුණේ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනූජ් සී වීරසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුභසිංහාඅරච්චි මහතා ඇතුළුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන්, කල්මුණේ ප්‍රදේශයේ වෙළද ව්‍යාපාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්වීමට නියමිත ය.

    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්

    සබැ​ඳි පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-03-09
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group