විපක්ෂයේ පක්‍ෂ රැසක නියෝජිතයන්ගේ සාකච්චාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු කළ සියලු දෙනාට ම සිය ස්තුතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුවේදීයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතු වූ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශව සමඟ ඒකාබද්ධ අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දෙනු ලැබුවා
මේ අතර විපක්ෂය ඒකාබද්ධ කොට ආණ්ඩුවට එරෙහිව පුළුල් ක්‍රියාමාර්ග ගැනීම පිලිබදවද මෙහිදී සාකච්චා වී තිබෙනවා.
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව පෙළ ගැසීම යන කාරණා මුල් කරගනිමින් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්චා වූ බවයි වාර්තා වන්නේ.
මිට අදාළ තවත් සාකච්චාවක් එළඹෙන සිකුරාදා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ.
කෙසේ වෙතත් සාකච්චාව අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණි හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක යන මහත්වරුන් මාධ්‍යට අදහස් දැක්වීමකින් තොරව එම ස්ථානයෙන් පිටව ගියා.
මේ විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්චාව අවසන් වීමෙන් අනතුරුව ඒ පිලිබදව අදහස් පල කල දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක්