අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සහ ගොවීන්ට අවශ්‍ය සහන ලබානොදීම මතදේශීය කෘෂි කර්මාන්තයේ වී ගොවියා සහ එළවළු ගොවියා ඉවත් වෙමින් සිටින බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.
හැටන් නගරයේ අද(13) දින පැවැති මාධ්‍ය හමුවකට එක්fමින් ඔහු මේ බව කියා සිටියා.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වත්මන ්රජය බලයට ඒමට පෙර රටේ ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දු කිසිවක් මේ වන තෙක් ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි බව පැවසු මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ දිනෙන් දින තැන තැන මනුෂ්‍ය ඝාතනය සිදුවන බවයි.
ඉකුත් යහපාලන රජය සමයේදීද මේ රටේ පාතාල නායකයින් මත්ද්‍රව්‍ය අලෙවි කළද මෙතරම් මනුෂ්‍ය ඝාතනය සිදු නොවූ බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.
ජාතික ජනබලවේග ආණ්ඩුව තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එකතු කර ගනිමින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට කටයුතු කළ ද එසේ රජය සමග එකතු වූ පිරිස් සිදු කර ඇතැයි කියන දුෂණ වංචා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන එන බවට තමන් තුළ හෝ වතුකරයේ ජනතාව තුළ කිසිදු විහ්විසායක් නොමැති බවද රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියා.
ජීවන වියදම ඉහළ යාම හමුවේ වතුකරයේ ජනතාවගේ ආදායම් තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය පහළ වැටී ඇත ිබව්ත වත්මන් රජය විසින් වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සහනයක් ලබාදී නොමැති බවත් වී. රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියා.