පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම අභියෝගයකට පත් වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවධානමක්ද පවතින බවයි එම සංගමය සදහන් කලේ .
වෛද්‍ය සේවයේ සහ ක්ෂේත්‍රයේ පවතින තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම ගැටලු සඳහා නිසි විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වර්ජනය 11 වනදා උදෑසන 8ට ආරම්භ වන බවත්, හදිසි ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාමට පමණක් එදිනට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ .
ශ්‍රේණි වෛද්‍යවරුන් 23,000 කට ආසන්න පිරිසක් සෞඛ්‍ය පද්ධතියේ සිටින බවත් ස්ථාන මාරු ක්‍රියාවලිය නිවැරදිව ක්‍රමවත්, පාරදෘශ්‍ය හා කාර්යක්ෂම ලෙස සිදු විය යුතු බවත් එම සංගමය පවසනවා.
එහෙත්, මේ මොහොතේ අදාළ ක්‍රියාවලියේ අර්බුදයක් පවතින බවයි එම සංගමය සදහන් කලේ.