රුසියානු හමුදා යුක්රේනයේ කර්සන් ප්‍රදේශයේ යුද අපරාධ සිදු කර ඇති බවට යුක්රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.
කර්සන් ප්‍රදේශයේ යුද අපරාධ සිද්ධීන් 400 කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ අතර රුසියානු හමුදාව විසින් ඝාතනය කළ සාමාන්‍ය වැසියන් සහ යුක්රේන සෙබලුන්ගේ සිරුරු ප්‍රදේශය පුරා දක්නට ලැබෙන බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි රුසියාව පවසන්නේ.
එමෙන්ම යුක්රේන ජනාධිපතිවරයාගේ චෝදනා මේ වන තුරු තහවුරු කරගෙන නොමැති අතර යුක්රේන ආරක්ෂක අංශ කර්සන් නගරයට ඇදිරිනීතිය පනවා ගමන් තහනමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.