වෙඩි වැදීමකින් පාදයේ ආබාධයකට ලක්ව සිටින යාල ජාතික වනෝද්‍යානයෙහි ගැමුණු ඇතාට ලුණුගම්වෙහෙර පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිලධාරී කේ. ධම්මි මහත්මිය ප්‍රධාන ලුණුගම්වෙහෙර පශු වෛද්‍ය කණ්ඩායම හා උඩවලව ඇත් අතුරු සෙවණෙහි පශු වෛද්‍ය කණ්ඩායම ඒකාබද්ධ වී යාල ලෝලුගස්වැව ප්‍රදේශයේ දී ඊයේ (05 දා) යළි ප්‍රතිකාර ආරම්භ කළහ.
‘යාල දඩබ්බර හිතුවක්කාරයා’ ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ගැමුණු ඇතාගේ පිටුපස වම් පාදය ආබාධයට ලක්ව ඇති අතර ඇතාගේ එම වම් පාදයෙහි එක්ස් කිරණ පරීක්ෂාවක්ද සිදු කළහ.
ඌව කලාප භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඒ. යූ. ඩී. ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත පසුගිය ජූලි 21 දා ගැමුණු ඇතාට ප්‍රතිකාර කළ අතර ඉන්පසු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇතා පසුවිය.