
ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු හා පාපැදිකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී පාපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.














