ඇතිමලේ වැවිලි සමාගමේ විධායක නිලධාරිනියක් ස්කූටර් යතුරුපැදියකින් යමින් සිටියදී ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී පෙරේදා (27) මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මුතුකණ්ඩිය, ගොවි ජනපදයේ 03 වැනි ගම්මානයේ පදිංචි සමරනායක මුදියාන්සේලාගේ චම්පිකා දමයන්ති කුමාරී (39) නමැති විවාහක කාන්තාවකි.
මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ කරාන හන්දිය අසලදී මේ අනතුර වී ඇත්තේ පසුගිය 18 වැනිදාය.
ඇය සිය යතුරුපැදියෙන් තම ඥාති දියණියක සමඟ මොනරාගල සිට සියඹලාණ්ඩුවට යමින් සිටියදී සියඹලාණ්ඩුව දෙසින් පැමිණි ටිපර් රථයක් යතුරුපැදියේ ගැටී මේ අනතුර වී තිබේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරු වූ ඇය සහ පසුපැදිකාරිය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ටිපර් රථයේ රියැදුරු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩික්සන් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.














