
අද උදෑසන 6:00න් අවසන්වූ ගතවූ පැය 24 තුළ මිලිමීටර් 119. 2 ක වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ, හල්වල ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයට ද මිලිමීටර් 80 ක වර්ෂාපතනයක් ඇදහැලී ඇති බවයි. මේ අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.














