ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතයි. පසුගිය 15 වැනිදා ශ්‍රී ලංකා විදුල බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මෙම කාරක සභාවේ දී පළමු වරට සලකා බැලීම සිදු කෙරුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිළධාරීන් ඒ සඳහා සහභාගී වු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා. එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබු යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී කරුණු කිහිපයකට එකඟතාවය පළ වී තිබෙනවා. රටේ නීතිය සියළුදෙනාට එක ලෙසින් ක්‍රියාත්මක වන බවයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










