ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 234ක්.
එහිදී ටිම් ඩේවිඩ් පන්දු 21දී ලකුණු 45ක් සහ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 10දී ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී අක්සාර් පටෙල් සහ අන්රික් නොකියා කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 205ක් පමණයි.
මෙහිදී ටි්‍රස්ටන් ස්ටබ්ස් පන්දු 25දී වේගවත් ලකුණු 71ක් රැස් කළා.
පන්දු යැවීමේදී ජෙරාල්ඩ් කොට්සි ලකුණු 34ට කඩුළු 4ක් සහ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 22ට කඩුළු 2ක් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














