නව රජය බලයට පත් වනවිට හිඟව තිබූ බිල්පත්වලින් 53% ක් පසුගිය මාස 05 තුළ ගෙවා දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 8% ක ඍණ ආර්ථිකයක් පැවති වටපිටාවක පැවති බිල්පත්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකිවීම ධනාත්මක කරුණක් බවයි.
ඉකුත් සැප්තැම්බර් 01 වනදා වනවිට රුපියල් බිලියන 360 ක හිඟ බිල්පත් තිබූ අතර, ඉන් බිලියන 191ක් ගෙවා දැමීමට කටයුතු කල බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.