නිවසක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(22) මීගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 25,50,000ක් වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ බවයි.
ඒ අනුව මීගොඩ පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් කර සොරකමට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ(22) උදෑසන මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 52ක් පමණ වන පුවක්වත්තහේන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සන්තකයේ තිබී සොරාගන්නා ලද රන් මාල හතරක් රන් මුදු තුනක් පංචායුධයක්, පෙන්ඩනයක්, මුදල් රුපියල් 18,770ක් හා රන් භාණ්ඩ උකස් කරන ලද බිල්පත් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












