මියන්මාරයේ සිටි රොහින්යා සරණාගතයින් එරටින් ඉවත් කිරීමට අණ ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇති හමුදා ප්‍රධානි මින් ඕන් ලාන්ග් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට සුදානම් වනවා.
මොහුට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව පවසමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඉහල පෙළේ නියෝජිතයකු විසින් කරුණු දක්වා තිබුණා.
ඒ අනුව, මෙම හමුදා ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට විනිසුරුවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් බවයි විදෙස් වාර්තා වන්නේ.