දිට්වා සුළි කුණාටුවකින් පීඩාවට පත් මෙරට ජනතාවට බෙදාදීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා.
එම සහල් තොගය ලබාදීම නිල උත්සවය ඊයේ පැවැත්වුනා.
ඒ එරට යැංගොන් වරාය පරිශ්‍රයේ දී
මෙම අවස්ථාවට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රභාෂිණී පොන්නම්පෙරුම ඇතුළු එරට නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව සිටි බවයි වාර්තා වන්නේ.











