ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුලින් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහායි.
ආනයනකරුවන් විසින් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුවන අඩු තක්සේරු කිරීම්, හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
එමෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන් තාවකාලික පදනම යටතේ තෙවැනි පාර්ශවයන් හරහා භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමක් සිදු කරන බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් අනාවරණය කර ඇත්තේ.
එමගින් එම ව්‍යාපාරිකයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු නියමිත බදු මුදල් ගෙවීමද පැහැර හැර ඇති බව සදහන්.
අදාළ ගැටළු අවම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













