මිනිස් පරිභෝජනයට නුසුදුස තත්ත්වයට පත්ව තිබූ මස් කිලෝ 12000කට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද(07) මුද්‍රා තබා තිබෙනවා.
මෙලෙස මුද්‍රා තබා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ව ගොවිපොළක තිබූ මස් තොගයකටයි.
ගංවතුර සහ විදුලිය ඇණහිටීම නිසා මෙම මස් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට ලද පැමිණිල්ලකට අනුම සිදු කරන ලද විමර්ශනයකදී මෙම මිනිස් පරිභෝාජනයට නුසුදුසු මස් තොගය සොයාගෙන තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා කියා සිටියේ අදාළ සත්ව ගොවිපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර එම මස් තොගය මුද්‍රා තැබූ බවයි.
එම මස්වල සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත හෙට(08) දිනයේ යොමු කිරීමට නියමිත අතර රස පරීක්ෂක වාර්තා අනුව ඉදිරි නෛතික කටයුතු සිදු කිරීමට නියමිතයි.













