තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කඹුරුපිටිය මාහේන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු හතළික් පමණ වූ යහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තුවාල ලබා ඇත්තේ කරපුටුගල ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි අයෙකි.
මරණකරු, තුවාලකරු සහ මිතුරුන් කිහිප දෙනෙක් මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
තුවාලකරු කඹුරුපිටිය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර මියගිය පුද්ගලයාගේ මෘත දේහයද කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඝාතනය සිදු කළ සැකකාර පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසනවා.