මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සදහා ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
මෙම සාකච්ඡාව සදහා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ද සහභාගි වීමට නියමිතයි.
සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් සිරකරුවන් සුරැකිමේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිසමෙන් සහ මානව හිමිකම් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.