ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවනු ලැබූ නෝර්වුඩ් ප්‍රාදේශීය සබාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) උදෑසන 10ට පමණ එම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි..
සභාවේ රැස්වීම ආරම්භ කරමින් සභාපති ජොහන්නස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයේ පාලන බලයක් යටතේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනතාවට තම සභාව තුළින් උපරිම සේවාවක් ලබාදීමට පියවර ගන්නා බවයි.
දූෂණය සහ වංචාවෙන් තොරව පිරිසිදු පාලනයක් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව තුළ සිදු කරන බවත් තමන් ප්‍රාදේශීය සභාවට නවකයෙක් බැවින් මෙම සභාව නියෝජනය කරන විපක්ෂයේ අත්දැකීම් ඇති සභිකයින්ගේ සහයෝගය තමන් වෙත ලබාදෙන ලෙසත් සභාපතිවරයා ඉල්ලා සිටියා.