අනුරාධපුර – මැදවච්චිය ඒ 09 මාර්ගයේ කනදරාව ප්‍රදේශයේදී අද(03) දහවල් බස් රථයක් සහ යතුරු පැදියක් ගැටී මාරක රිය අනතුරු සිදු වූ බව මැදවච්චිය පොලිසිය පවසනවා.
එම අනතුරින් වලවාහැංගුණු වැව, රැඹෑව, මහ කනදරාව ලිපිනයේ පදිංචි 34 හැවිරිදි ආර්.එම් ළහිරු සම්පත් නමැති එක්දරු පියෙකු වන යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.
මැදවච්චිය ඒ 09 මාර්ගයේ කිලෝමීටර් 149 -150 කණුව අතර පිහිටි කනදරාව වෙල් යාය ප්‍රදේශය පසුකර යමින් තිබූ මැදවච්චිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථය හා අනුරාධපුර දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය කර ඇති යතුරු පැදියක් මෙලෙස මුහුණට මුහුණ ගැටී මෙම මාරක අනතුර සිදුව තිබෙනවා.
එම අනතුර සිදුව ප්‍රධාන මාර්ගයේ අඩි 30ට ආසන්න දුරක් යතුරු පැදිය පැදිකරු සමග ඇදී ගොස් තිබෙනවා.
අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇති අතර මැදවච්චිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පැදිකරු මැදවච්චිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.
අනතුරුව රෝහලේදී බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු මිය ගොස් ඇති අතර පැදිකරුගේ දේහය මැදවච්චිය රෝහලේ තබා තිබෙනවා.
අද දහවල් කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රධාන මාර්ගයේ වෙල් යායට සහ මාර්ගයට ආසන්නව තිබූ මානා වර්ගයේ තෘණ වර්ගයට ගිනි තබා තිබෙනවා.
එයින් මාර්ගය වැසී යන තරමේ විශාල දුමක් හටගෙන ඇති අතර එම දුම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් රියදුරන්ට මාර්ගය නොපිනී ගොස් තිබෙනවා.
එම හේතුවෙන් මෙම රිය අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
බස් රථ රියදුරු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම පිළිබඳ වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරනවා.













