
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද සිදු කෙරෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේදී පත්වීම් ප්‍රදානය කිරීමේ නිල උත්සවය අද පස්වරු 01 ට ආරම්භ වීමට නියමිතයි.














