
අමෙරිකාව සහ ඉරානය අතර නැවත යුද ගැටුම් ආරම්භයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවත ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.54ක් ලෙස 2.57%කින් ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.60ක් ලෙස 2.84%කින් මේ වන විට ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.














