වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අනුබල දුන් සැකකරවෙක් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් මස 29 වන දින අලුයම හිරණ, මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයන්ට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලායාමට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු ඒ අනුව ඊයේ(30) දින හිරණ, මාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන හිරණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් පමණ වන මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











