සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් පොලිසිය ලබාදුන් ආකර්ෂාව ගැන පොලිස්පතිවරයා මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයේ අවධානය යොමු ඇති බව නිවෙදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසනවා.
දේශපාලනික නොවන කරුණුකාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇත ිබවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයකට එල්ල වී ඇති බවත් හැගී යන බවත් එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් බවත් නිවේදනයේ සඳහන්.
එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය තරයේ හෙළා දකින බවද සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.














