පාසල් ලමයින් අතර අහිතකර ලෙස ප්‍රචලිතව ඇති මදන මෝදක හා බාබුල්වැනි ද්‍රව්‍ය පාසල් ළමයින් වෙත ලැබීම වැළැක්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
සුනිල් හඳුන්නෙත්ති, සරෝජා පෝල්රාජ් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ද ඊට එක්ව සිටියා.