පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එරට දේපල රැසකටද දැඩි හානි සිදුව ඇති බවයි.
මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10ට පමණ මෙය සිදුව තිබුණා.
භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ 6යි දශම 9ක් ලෙසයි සටහන් වී ඇත්තේ .
භූ කම්පනය ඇතිවීමෙන් පසු සෙබු නගරයේ විදුලිය ඇනහිටීම් සිදු වූ අතර, ගොඩනැගිලි රැසකටද දැඩි හානි සිදු වී තිබෙනවා.
මේ වනවිට මාර්ග ඉරිතලා ඇති අතර, පාලම් සහ මාර්ගවලටද දැඩි අලාභහානි සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ .
එරට බලධාරීන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම් මෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ කටයුතු තවමත් සිදුකරමින් පවතිනවා .
භූ කම්පනයේ බලපෑම් එල්ල වූ සෙබු නගරය තුළ මිලියනයකට ආසන්න ජනගහනයක් ජීවත්වන බව සඳහන්.