බූස්ස බන්ධනාගාරයේදී ගෙල වැළලාගත් රැඳවියෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
කොළඹ ප්‍රදේශයේ පදිංචි රැඳවියෙක් මෙලෙස මියගොස් ඇති බවයි බන්ධනාගා රමාද්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
එසේම ඔහු කියා සිටියේ මියගිය රැඳවියා විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරියක රඳවා සිට ඇති බවයි.
අදාළ රැඳවියා අද දහවල් ගෙල වැලලාගෙන සිටියදි බන්ධනාගාර නිලධාරීන් විසින් රෝහල් ගත කර තිබෙනවා.
කෙසේ වෙත්ත රෝහල් ගත කිරීමෙන් පසුව රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.