ෆෙස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසනවා.
තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අදාළ යෙදුම් සඳහා ප්‍රවේශ වීමට බාධා එල්ලවී තිබු බවයි අදාළ සමාගම දැනුම්දෙන්නේ.
බි්රතාන්ය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අමෙරිකාව සහ අමෙරිකාව යන රටවල මෙම බිඳවැටීම සිදුව තිබුණා.