රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරහ් සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.
ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඇය ැඅප මත මුදාහරින බවද මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියා.
ඒ අනුව සැකකාරිය රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියන් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන්ද තහනම් කරනු ලැබුවා.
ඊට අමතරව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් සැකකාරිය වෙත තවත් ඇප කොන්දේසිය පනවනු ලැබුවා.
ඉන් පසුව අදාළ නඩුව ලබන ජනවාරි 22 වන දින දක්වා කල් තැබුණා.










