Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක් නුගේගොඩ, නිට්ටඹුව, නෝර්වුඩ් සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(22) දහවල් කාලයේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මහරගම, පමුණුව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 22ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

    සැකකරු වයස අවුරුදු 44ක් පමණ වන පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.

    මහරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර ඊයේ (22) සවස් කාලයේදී නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව නිට්ටඹුව, කම්මල්පිටිය පමුණුව ප්‍රදේශයේ සිල්ලරබඩු වෙළෙඳ සැලක් තුළදී බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 146ක් රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු වයස අවුරුදු 56ක් වන පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

    සිද්ධිය සම්බන්ධනේ නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    ඩීසල් ලීටර් 565ක් රැස්කර සන්තකයේ තබාගත් තවත් සැකකරුවෙක් නෝර්වුඩ් වෙන්චර්වත්ත ප්‍රදේශයේදී ඊයේ(22) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නෝර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ බලපත්‍ර නොමැතිව තිබූ මෙම ඉන්ධන තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වයස අවුරුදු 53ක් වන නෝර්වුඩ් ප්‍රදේශයේම පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නෝර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    නීති විරෝධීව ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ (22) දහවල් කාලයේදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ, කීනගහලන්ද ප්‍රදේශයේ නිවසක් තුළ බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 20ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    සැකකරු වයස අවුරුදු 53ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group