තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට අද(12) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය, කිරිමැටිය වතු යායේ පදිංචිව සිටි 78 හැවිරිදි දෙරු මවකි.
වතු කම්කරුවන් පිරිසක් එම වතු යායේ තේ දළු නෙළමින් සිටියදී රූස්ස ගසක බැඳ තිබූ බඹර කූඩුවක වදය කඩා ගැනීමට උකුස්සෙකු පහරදීම නිසා ඇවිස්සුණු බඹරුන් ඒ අසල තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ට පහරදී තිබෙනවා.
බඹර ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ තේ වත්තේ වැඩ කරමින් සිටි අනෙකුත් කාන්තාවන් දිව ගාස් බඹර ප්‍රහාරයෙන් බේරී තිබෙනවා.
මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.











