බණ්ඩරගම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද(21) සවස හයට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෝටර් රථයක සිටි පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙනවා.
අදාළ පුද්ගලයාට වෙඩි ප්‍රහාර 20ක් පමණ තබා ඇති බවත් වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වනවා.
නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා ටී 56 ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.